Saturday, February 25, 2012

මාගේ මිත්‍ර සමාගම සහ ගුරු දෙපල




ඔන්න ඉස් ඉස්සෙල්ලාම බ්ලොග් එකේ ලියන්න හිතුනා මගේ මිත්‍ර සමාගම සහ ගුරු දෙපල ගෑන.හෑබෑයි මේ එක එක චරිතය ගෑන ලියන්න මාසෙකුත් තව චුට්ටක් විතර මදි මයෙ හිතේ. :) මොනවා උනත් මිත්‍ර සමාගම අමතක කරන්න හොඳ නෑනේ.අද පොඩි හෑඳින්වීමක් විතරක් කරන්නම්. වෙන වෙලාවක එක එක්කෙන ගෑන විස්තර කියන්නම්...

ඔන්න පලවෙනි චරිතෙ... නම පී.එල්.එස්.එල්.ජයසිංහ ආදරණීය ආමන්ත්‍රණය සින්නා කියල.මූගෙ ආතල් පිස්සු වැඩ ගැන ලියන්න ගියොත් එහෙම ලියල කවදා ඉවරයක් කරන්න වෙයිද දන්නෙ නෑ කෝකටත් කියල පොටෝ කෑල්ලකුත් ඇමිණුවා.....මෙයා එක්ක ඉන්න තැන හිනා වෙලාම පන යනවා..මූගේ ගායන හැකියාවද මනා ලෙස පිහිටා ඇත.. මොනවා උනත් ඉතින් හිත හොඳ මනුස්සයා (නිදා ගත්තම එහෙම නෙවෙයි හොඳේ) මේ ඇත්තාගේ පදිංචිය ඉඹුල්ගොඩ..... මිත්‍රකම අවුරුදු 15ක පමණ අතීතයට දිවෙනවා.......

මේ නම් බැලූ බැල්මටම හැන්ඩි කොල්ලෙක් නේද? නම සමීර ප්‍රනාන්දු....පදිංචිය කැලණියේ.... පරිඝනක මෘදුකංග ඉංජිනේරු උපාධිධාරියෙක්.......වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මිත්‍රයෙක්.... සුහද ලෙන්ගතු මිතුරෙක්....ආදරණීය ඇමතුම සෑම් යනුවෙනි.. සමීර යන නමින් හඳුනන පිරිසට වඩා අන්වර්ථ නමින් මොහුව හඳුනන පිරිස ඉතා වැඩිය.....මෙතුමා  සම්බන්ධව සිදු වූ අලකලංචි ඉදිරියට ලියන්නම්.....ඔන්න මෙයගෙත් පොටෝ කෑල්ලක් ඇමිණුවා.......


මේ ඉන්නෙ තවත් මිත්‍රයෙක්..රවිඳු ගුණසේකර...පූසා වගේ හිටියට මෙයගෙ පිස්සු වැඩ ගැන දන්නේ ඉතින් අපිම තමයි..වයසට වඩා ලොකු ලොකු වැඩමයි කරන්න හදන්නේ මෙතුමා... එහෙම වෙලාවල් වලදී අමරුවේ නොවැටී තප්පර කට්ටෙන් බේරිච්ච අවස්ථා එමටයි.(හිතාගන්න පුලුවන්නේ මිනිහගේ තරම????) හැබයි හොඳ මිත්‍රයෙක්......ඉන්නේ බටේපොල පැත්තේ... මෙයත් මෘදුකංග ක්ෂේත්‍රය ගැන හදරමින් ඉන්නේ...


මේ ඉන්නේ මිත්‍රයෙක් යනුවෙන් හැඳින්වීම නොකල යුතු, අප මිත්‍ර සමාගමේ ඇත්තන් හට ගුරු හරුකම් ලබ දෙන අපේ පුංචි සර්....නම නුවන් ශ්‍රීලාල්.....ජාවා තාක්ෂණය පිලිබඳ මනා දැනුමක් සහිත මෙතුමා ජාවා තාක්ෂණය ඉගැන්වීම මෙන්ම සංගීතය එනම් වාදනය සඳහා උපන් හපන්කම් ඇත්තෙකි.....


මේ ඉන්නෙත් මිත්‍රයෙක් යනුවෙන් හැඳින්වීම නොකල යුතු, අප  ඇත්තන් හට ගුරු හරුකම් ලබ දෙන අපේ ලොකු සර්....නම ශියාන් සංඛ .....මෙතුමාද ජාවා තාක්ෂණය පිලිබඳ හසල දැනුමක් සහිත  ජාවා තාක්ෂණය ඉගැන්වීම මෙන්ම මෘදුකංග නිපදවීම සිදු කරගෙන යයි.....විශේෂ කාරණය නම් මෙතුමා කාර් රථ පිලිබඳව දැඩි උනන්දුවකින් පසු වීමයි.......ඉහල තිබෙන පොටෝ එකේ ඉන්නෙ අපේ ලොකු සර්.....





ඔන්න අපේ මිත්‍ර සමාගම සහ ගුරු දෙපල පිලිබඳ  පලවෙනි post 1න් ලිව්වා.......


ප.ලි : මෙම ගුරු දෙපලම උපධිධාරීන් වේ..

ලිව්වේ  : I.P

No comments:

Post a Comment